10:32 PM

ආයුබෝවන් මගේ පළමු බ්ලොග් පෝස්ට් එක බලනවාද?

මගේ බ්ලොග් එක බලන්න පැමිණි ඔබව මම ආයුබෝවන් කියල ගෞරවාන්විතව පිළිගන්නව.ගොඩක් කාලෙක ඉඳන් බ්ලොග් එකක් ලියන්න පටන්ගන්න ඕන කියලයි හිතාගෙන හිටියේ, ඒත් හැමදාම මම සින්හල බ්ලොග් කියවන එක විතරයි මම කලේ. ඇත්තටම මේ සින්හල බ්ලොග් ලිවීම ඉතාමත් වටිනාම දෙයක්.බ්ලොග් වලින් යමක් ඉගෙන ගන්න අය ගොඩක් ඉන්නව. මමත් අවුරුදු ගණනාවක ඉඳන් බ්ලොග් කියෙව්වා.ඒවායින් මම ඉගෙන ගත්තු දේ අප්‍රමාණයි.මට ඒක මතක් වෙන සැරයක් පාසාම මම සින්හල බ්ලොග් ලියන්නන්ට පින් දෙනවා,ඒ මම, තව කොයිතරම් දෙනෙක් මේවා කියවල යමක් ඉගෙනගන්නව ඇත්ද?